මෙහෙමත් ගුරුවරියෝ දෙන්නෙක්..දරුවෙක්ට මෙහෙමත් ගහනවද..
Sri Lanka Police
Sri Lanka
School Incident
School Children
Teachers
By Piyumika
පාසල් සිසුවියකට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් ගුරුවරියන් දෙදෙනෙකු අද (13) මාරවිල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.
මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ වෙන්නප්පුව නගරයට ආසන්නයේ පිහිටි ප්රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකි.
මේ අතර පහර කෑමට ලක්වූ සිසුවිය මාසයකට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන්නීය.
දැරියගේ තත්ත්වය පිළිබදව මේ දක්වා රෝහලේ බලධාරීන් කිසිවක් ප්රකාශ නොකළ බව දෙමාපියන් පැවසීය.
මෙම සිසුවියට ප්රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 3ක සානුකම්පිත දීමනාවක් ගෙවීමටත් මහෙස්ත්රාත්වරයා සැකකාර ගුරුවරියන් ට නියෝග කළේය.