මෙරට භාවිතා කළ හැකි තවත් රුපියල් වර්ගයක් ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම් දීමක්..
මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඉන්දියානු රුපියල් මෙරට තුලදී භාවිතා කළ හැකි බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සඳහා ද ඉන්දීය රුපියල් භාවිතා කිරීමට හැකි බවයි හෙතෙම කියා සිටියේ.
ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ඇතුළත් ලැයිස්තුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 වන ස්ථානයේ පසුවුණි. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙයි.
ආහාර උද්ධමනය 261%ක් වන ලෙබනන් රාජ්‍යය ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ප්‍රමුඛස්ථානයේ පසුවෙයි.
දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ එම ප්‍රතිශතය 137%ක් ලෙස වාර්තා වී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |