නාමල් - ලිමිනි බුද්ධගයාවට යයි
By Mithu
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයා සංචාරයක නිරත විය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා බුද්ධගයා මහා බෝධි මහා විහාරය වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය.
අනගාරික ධර්මපාලතුමන් 1891 වසරේ ආරම්භ කළ ඉන්දියාවේ මහා බෝධි සංගමය වෙතද නාමල් රාජපක්ෂ මහතා ගියේය.
එහිදී බුද්ධගයා මධ්‍යස්ථානයේ කටකඳුරේ ජිනානන්ද හා මුල්දෙනියවල සුසීල හිමිවරුන් මුණ ගැසී ආශිර්වාද ලබා ගත් අතර, මෙම අවස්ථාවට ලිමිනි රාජපක්ෂ මහත්මියද සහභාගී විය.