යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

Report

පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි සඳහන් කරයි.

එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වර්ධනයක් වේ. එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679ක් පැමිණ ඇත.

ඒ 17%ක් වශයෙන්.

එමෙන්ම එක්සත් රාජධානියෙන් 30,788, රුසියාවෙන් 23,099ක්, ජර්මන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17,174ක් ද පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එබැවින් 2026 වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 28 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 556,655ක් වූ අතර ඒ අතරින් සංචාරකයින් 99,740ක් ඉන්දියාවෙන්, 50,233ක් රුසියාවෙන් සහ 60,328ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දක්වයි.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

එසේ වුවත් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුධ තත්ත්වය නිසා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම හේතුවෙන් සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10ත් 12ත් අතර පාඩුවක් සිදුවනු ඇති බවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ප්‍රකාශ කර ඇත.

මේ අතර සීමිත කාලසීමවක් සඳහා මැද පෙරදිග ගුවන් කලාපය විවෘත වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා ගුවන් යානයක් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේදීයි. එසේ පියාසර කර ඇත්තේ, ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් යානයක් වන අතර එහි ගුවන් මගීන් 47 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්.

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

එසේම එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් යානයක් ද ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා නුවර බලා පිටත්ව ගොස් ඇත.

ඒ මගීන් 44 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 10 දෙනෙකු ද සමඟින්. එසේම මෙරට රැදී සිටින විදේශිකයින්ගේ දීර්ඝ කර තිබූ සති දෙකක වීසා කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසා ඇත.

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

කටුනායකින් ඇරඹෙන ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය මෙන්න

කටුනායකින් ඇරඹෙන ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය මෙන්න