බාර වීමෙන් පසු විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවීමෙන් අනතුරුව, එම වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණය නියම කර තිබේ.
රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව අද (14) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබුණි.
ඉන් අනතුරුව, විමල් වීරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර, ඒ අනුව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණය නියෝග කළේය.