"පොලිස්පතිතුමාට කියන්නේ ආණ්ඩුවේ ලණු කන්න එපා" - නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රහාරයක්
පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න.ඔබතුමාලාට අසීමිතව කඩේ යන පොලිස්පතිව අසරණ කරන්න එපා ඔබතුමාලා අසරණ කරන්න එපා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා , "දැන් මේ සහන දෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නෑ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. හැබැයි ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ කියවනවා විතරනෙ. මුදල් වෙන් කරනවා කියනවා, දෙනවා කියනවා. දැන් ගොවි මහත්තුරුන්ට පොහොර ලැබිලා කියනවා, ඉතින් එහෙම නම් ඇයි දන්නේ නෑ මේ ගොවි ජනතාව පාරට බැහැලා ආණ්ඩුවෙන් පොහොර ඉල්ලලා, වී වලට සහතික මිලක් ඉල්ලලා උද්ඝෝෂණය කරන්නේ? ඉතින් මේක ඇතුලෙ කියවන එක ලේසියි ගරු නියෝජ්‍ය කථානායකතුමනි. හැබැයි සහන දෙනවා නම් අපිත් කැමතියි. මොකද මේ වෙලාවේ අපි විශ්වාස කරනවා මේ රටේ ගොවි ජනතාවට, මේ රටේ ව්‍යාපාරිකයාට, මේ රටේ ධීවරයාට, ව්‍යවසායකයාට සහනයක් දෙන්න ඕනේ.
හැබැයි ඉතින් ඒ සහන දීම පාර්ලිමේන්තුවේ කතාවකට විතරක් සීමා වෙනවා නම්, දැන් මේ බිලියන 100න් කීයක් හැකර් අරන් යයිද දන්නේ නෑ. දැන් හෙට විවාදය තියෙනවා හැකර් ගැන. හැබැයි ඉතින් මේ ආණ්ඩුවේ ඔබතුමාලා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් පුරවා ගන්නවා කිව්වට මැදදී හැකර් කෙනෙක් පැනලා අරන් යනවානේ. අන්තිමට හැකර් හොයාගන්නත් නෑ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. විශේෂයෙන්ම අද ආපදා තත්ත්වය පිළිබඳව, අපි දැක්කා මේ වෙලාවෙත් අපි මේ කතා කරන වෙලාවෙත් මේ රටේ රණවිරුවන්, රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡාවෙන් තරුණ පිරිස් විශාල කැපවීමක් කරනවා රාජ්‍ය සේවකයෝ ජීවිත බේරගන්න.
තව පැත්තකින් උසස් පෙළ විභාගය ලියන දරුවෝ, අධ්‍යාපන අමාත්‍යවරියගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. නිරන්තරයෙන් කතා කරා උසස් පෙළ විභාගය කලින් ගත්තා කියලා. සහනයක් ලැබුනේ නෑ. සිලබස් ආවරණය කරලා නෑ, සිලබස් කවර් කරලා නෑ, ඒක තමයි ඇත්ත කතාව.හැබැයි දැන් එක පැත්තකින් ආණ්ඩුවක් විදියට ගත්තු තීන්දුවක් නිසා දරුවෝ පීඩනයට පත් වෙනවා, දැන් අනික් පැත්තෙන් මේ ආපදා තත්ත්වය නිසා ඒ දරුවෝ පීඩනයට පත් වෙනවා. තව දින කීපයකින් විභාගය ලියන්න ඕනේ.
හැබැයි තවමත් ආණ්ඩුවක් විදියට ඒ උසස් පෙළ ලියන දරුවන්ට සාධාරණයක් කරන්න , මොකක්ද සැලැස්ම? ගරු ඇමතිවරුන්ට, අගමැතිවරියට, ජනාධිපතිවරයාට පුළුවන් මහා සංඝරත්නය එක්ක සාකච්ඡා කරලා ඒ ඉඩම් ජනතාවට අවශ්‍ය නම් ඉල්ලගන්න. ඔබට මතක ඇති මීට පෙර සුනාමිය ආපු වෙලාවේ අපේ ගම්වල, දකුණු පළාතේ විශේෂයෙන්ම ගාමිණී මන්ත්‍රීතුමාත් ඉන්නවා, ගරු අපේ නායක හාමුදුරුවරු ඉදිරිපත් වෙලා ගෙවල් හදලත් දුන්නා. ආයේ ඒක මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගරහලා වැඩක් වෙන්නේ නෑ, "අපිට ඉඩම් නෑ, පන්සල් දේවාලවල ඉඩම් තියෙනවා, අපි කොහොමද ඉඩම් දෙන්නේ" කියලා. ආණ්ඩුවක් කියන එකට මැදිහත් වෙලා උන්වහන්සේලා එක්ක සාකච්ඡා කරන්න. බොහෝ නායක හාමුදුරුවරු, දේවාලවල අය උන් මැදිහත් වෙයි ගෙවල් ටික හදලා දෙන්නත්. ඒක මේ නිකන් රටේ සමාජයේ ලොකු කතිකාවතක් හදන්න අවශ්‍ය කාරණයක් නෙමෙයි. දැන් අර පොලිස්පතිවරයා ගැන කතා කරා. ඔව්, පොලිස්පතිවරයා JVP එකේ පැලවත්ත කාර්යාලයේ පොලිස්පතිවරයා විදියට තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි හැසිරෙන්නේ. ඒක හංගන්න දෙයක් නෙමෙයි මුළු රටම දන්නවා.පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමාගේ කතාව ඇහුවාම ඒක නිකන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයෙක් කතා කරනවා වගේ, ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අර සාගර කාරියවසම් අපේ ලේකම්තුමාගේ ප්‍රකාශයක් ගැන කිව්වා, "පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අධිකරණ ඇමතිවරයෙක් ඉන්න ආණ්ඩුවක්. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අධිකරණ ඇමතිවරයෙක් ඉන්න ආණ්ඩුවක්. අවබෝධයෙන් බොරු කියන 159ක් ඉන්න ආණ්ඩුවක්. අවබෝධයෙන් බොරුව කියන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි! අවබෝධයෙන් බොරු කියන 159 දෙනෙක් ඉන්න, පාපිසි කෑලි ඉන්න ආණ්ඩුවක්, අද මේ විපක්ෂය හැසිරෙන්න ඕනේ ආකාරය පිළිබඳව කතා කරනවා. ඉස්සෙල්ලා ඔබතුමාලා, ඔබතුමියලා ආණ්ඩුව හැසිරෙන්න ඕනේ විදියට හැසිරෙන්න. ඔබ දැන් ඉන්නේ ආණ්ඩුවේ. මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන වෙන්න ඕනේ. හැබැයි පොලිසිය දක්වන කරුණු මත තමයි ගරු විනිශ්චයකාරවරු ක්‍රියාත්මක වෙන්නේ. පොලිසිය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙනවා නම්, ආණ්ඩුවේ අතකොළුවක් බවට පොලිසිය පත්වෙලා තියෙනවා නම්, පොලිස්පතිවරයා හැසිරෙන්නේ පැලවත්ත කාර්යාලය නැත්නම් JVP එකට ඕනේ විදියට නම්, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ පිළිබඳව ජනතාව තුළ යම් මතයක් තියෙනවා
මම පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලන්නේ මේ දේශපාලනඥයෝ දෙන ලණු කන්න එපා.මේ පොලිස්පතිතුමාට කියන්නේ, මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න.ඔබතුමාලාට අසීමිතව කඩේ යන පොලිස්පතිව අසරණ කරන්න එපා ඔබතුමාලා අසරණ කරන්න එපා. ඒ හින්දා ඔබතුමාලා දන්නවා නම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට, පොලිසියට ගියපු කලදසාව, ඔබතුමාලාගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔව් ඔව්, එයා තමයි කිව්වේ. හරි හරි, ඔහොම කිය කියා ඉන්න.
ඔබතුමාලා එක පැත්තකින් මේ රටේ වෛද්‍යවරුන්ට, නීතිඥවරුන්ට, ඉංජිනේරුවන්ට, රණවිරුවන්ට මඩ ගහලා උන්ගේ චරිත ඝාතනය කරලා සමස්ත වෘත්තීයම කඩාගෙන වට්ටන්න දඟලනකොට මහන්සියි, ලැජ්ජයි! නීතිඥවරු වාඩිවෙලා ඉන්නවා, හැබැයි නීතිඥවරු තමන්ගේ වෘත්තියට ගරහනවා! ඉතින් එහෙම කරනකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සමස්තයක් විදියට රාජ්‍ය කඩන් වැටෙන එක නවත්තන්න බෑ! ඒ රාජ්‍ය කඩන් වැටුනාට පස්සේ ඇවිල්ලා කැඳිරි ගාන්න එපා "අනේ මෙන්න මේ රාජපක්ෂලාගේ වැඩක්" කියලා නම් කෙඳිරි ගාන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපි ඕගොල්ලෝ වගේ මේ පස්ස දොරෙන් දුවන අය නෙමෙයි. මෙයාලා දන්නවා, මෙයාලා දන්නවනේ අපි හැංගි හොරා වැඩ නෑ, අපි එක වෙලාවට...