කඩුවෙල බස් නැවතුම ගිනි ජාලාවක් වෙයි - අධිවේගී බස් රථයකට ගිනි තබා විනාශ කරයි

By Kanchana Aug 05, 2026 04:13 AM GMT
Report

කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොලෙහි සති පොල භූමිය අසල නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (05) දින අලුයම ගිනි තබා පලා ගොස් ඇති බව කඩුවෙල පොලීසිය පවසයි.

මෙලෙස ගිනි තබා ඇත්තේ අධිවේගී මාර්ගය හරහා කඩුවෙල - මාතර ධාවනය කරන ලද සුඛෝපභෝගී බස් රථයකට වන අතර ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන් ම දැවී විනාශ වී තිබේ.

පොලිසිය පවසන්න්නේ එම බස් රථය අසල ගාල් කර තිබූ කඩුවෙල - කොල්ලුපිටිය සාමාන්‍ය සේවා බස් රථ දෙකකට ද ගින්නෙන් සුළු හානි සිදුව ඇති බවයි.

අද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බස් රථයට ගිනි තබනු (05) දින අලුයම 2.30ත් 2.45ත් අතර කාලයේදී දැක ඒ අසල තවත් බස් රථයක සිටි රියදුරු කොන්දොස්තර දෙදෙනෙකු විසින් කෑ ගැසීමේදී එම දෙදෙනා පලා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කර ඇත.

ගම්පහ දුම්රිය මාර්ගයේ අභිරහස් මළසිරුරක්- දුම්රිය කිහිපයක්ම ප්‍රමාදයි

ගම්පහ දුම්රිය මාර්ගයේ අභිරහස් මළසිරුරක්- දුම්රිය කිහිපයක්ම ප්‍රමාදයි

  අදාළ බස් රථයට ගිනි තබන අවස්ථාවේදී එම බස් රථය තුළ රියදුරු කොන්දොස්තර දෙදෙනා නිදා සිට ඇති අතර අනෙක් බස් රථයේ සිටි සහෝදර රියදුරු කොන්දොස්තර දෙදෙනාගේ කෑ ගැසීම නිසාවෙන් ඔවුන් එම බස් රථයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇත.

මෙම ගිනිතැබීම පෞද්ගලික කෝන්තරයක් මත සිදුකළ ගිනි තැබීමක් බවට සැක කරන බව කඩුවෙල පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය. මේ පිළිබද කඩුවෙල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.