ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට - කණ්ඩායම් නමත් වෙනස් කරයි

Report

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ. හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් සම හිමිකරුවන් වන ස්ටොක්හෝම් පදනම් කරගත් Anchor Sports AB සමාගම විසින් මෙම කණ්ඩායම අත්පත් කරගෙන ඇති අතර, ඉදිරියේදී කණ්ඩායම "Anchor Jaffna Kings" ලෙස නම් කිරීමට නියමිතය.

පසුගිය ජූලි 23 වැනිදා පෙර හිමිකාරීත්වය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සහ LPL හිමිකම් දරන Innovation Production Group යටතේ කණ්ඩායම තාවකාලික පරිපාලනයට ගෙන තිබූ අතර, මෙම ගනුදෙනුවත් සමඟ එය නැවත ස්ථාවර හිමිකාරීත්වයක් යටතට පත්ව ඇත.

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Anchor Sports AB සමාගම මේ වනවිට බෙල්ජියමේ සහ කැනඩාවේ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක්ම හිමිකරගෙන සිටින අතර, ජැෆ්නා කණ්ඩායම ද එම ජාත්‍යන්තර ක්‍රීඩා ජාලයට මෙලෙස එක්වනු ඇත.

ජැෆ්නා කණ්ඩායමේ පෙර හිමිකාරීත්වය දැරූ Sports Commune සමාගමේ සම හිමිකරුවෙකු වූ හිටපු ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක මංජෝත් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව එම හිමිකාරීත්වය අවසන් කෙරුණු අතර, එම සමාගමේ අනෙක් සම හිමිකරු වන මයංක් ගෝයල් සිටින ස්ථානය ද මේ වනවිට අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

පිටියෙන් පිටත මෙවැනි අර්බුද පැවැතිය ද ජැෆ්නා කණ්ඩායම LPL ඉතිහාසයේ පැවැති ශූරතා පහෙන් හතරක්ම දිනාගනිමින් සාර්ථකම කණ්ඩායම බවට පත්ව සිටින අතර, මෙවර තරගාවලියේ ද මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්ප්‍රදායට ගරු කරමින් ජැෆ්නා කණ්ඩායමට ආයෝජනය කර LPL තරගාවලියේ ඉදිරි සංවර්ධනයට දායක වීමට බලාපොරොත්තු වන බව නාගේන්ද්‍ර සිද්දෞතම් පැවසීය.

හිමිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව සතුට පළ කළ සහීර් ඛාන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බිහිවන වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා තමා සැමවිටම අගය කළ බවයි.

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

මේ අතර, LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේ සහීර් ඛාන් වැනි අත්දැකීම් සපිරි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෙකුගේ සම්බන්ධ වීම සමස්ත ලීගයටම විශාල ශක්තියක් වන අතර, ඔහුගේ මඟපෙන්වීම ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයන්ගේ අනාගත දියුණුවට මහඟු පිටුවහලක් වනු ඇති බවයි.