ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් ගෙනා රුමේෂ් තරංගට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

Report

පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශූරයන් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් අත්කරදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රුමේෂ් තරංග සමත් විය.

මාතෘ භූමියට විශාල අභිමානයක් එක්කළ ඔහුගේ මෙම අසමසම දක්ෂතාව මෙන්ම මීට පෙර ලබා ඇති ජයග්‍රහණයන් ද අගයමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් අද (05) ගුවන් හමුදා මූලස්ථානයේදී ඔහුව කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබේ.

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

මෙයට අමතරව, රුමේෂ් තරංග ක්‍රීඩකයා වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කර ඇත.

එමෙන්ම මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතාගේ සහ භෞතික චිකිත්සක කෝප්‍රල් වන්දිම ගුරුසිංහ මහතාගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත ද විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට