කවුරුත් පුදුම කරමින්, පොහොට්ටුවේ නාමල් ගත්ත තීරණය මෙන්න..

Namal Rajapaksa Sri Lanka Podujana Peramuna Election Latest Headlines sri lanka presidential election 2024
By krishani Sep 17, 2024 07:34 AM GMT
krishani

krishani

Report

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බවයි.

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..


ඒ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"කොළඹ වරාය නගරය බොහෝ අය හිතුවේ ගොඩනැගිලි අහදන්න කියලා නෑ... ඒක ගනුදෙනු වලට කේන්ද්‍රකරගත් මධ්‍යස්ථානයක්. අපිට වුවමනාව තියන්නේ මොකක්ද ලෝකේ සමාගම් තමන්ගේ බැංකුකරණයට, ගනුදෙනුකරණයට පොර්ට් සිටි එක පාවිච්චි කරන්න.

සමෘද්ධිලාභීන්ට මොකක් වෙයි ද?. කරන්න යන දෙය මෙන්න..

සමෘද්ධිලාභීන්ට මොකක් වෙයි ද?. කරන්න යන දෙය මෙන්න..


තාක්ෂණ ගම්මාන 5 සූරියවැව, යාපනය එක්ක ඒ මධ්‍යස්ථාන 7ත් පොර්ට් සිටි එකට සම්බන්ධ කළහම පොර්ට් සිටි එකේ ප්‍රතිලාභ බස්නාහිර පළාතට කොළඹට, ගම්පහට, මිනුවන්ගොඩට වගේම ගාල්ලට, සූරියවැවට, දඹුල්ලට, කුරුණෑගලට, යාපනයට, නුවරට, නුවරඑළියේ දරුවන්ටත් ලැබෙන්න අපි හදලා දෙනවා.

අපේ ඉලක්කය මොකක්ද?

අපේ ඉලක්කය තමයි දකුණු ආසියාවේ බැංකුකරණයේ සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය විදිහට ඊළඟ අවුරුදු 5 ඇතුළත කොළඹ වරාය නගරය පරිවර්ථනය කරනවායි කියන එක.

21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..

21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..


තවත් පැත්තකින් අපේ ආර්ථිකයට වාසි ලබා දෙන්න පුළුවන් ප්‍රතිපත්ති තීන්දු මත ලෝකේ ඉහළ පෙලේ ආයෝජකයෝ අපේ රටට ගෙනල්ලා මේ රටේ දරුවන්ගේ රැකියා ප්‍රශ්නයට වගේම අපේ ආර්ථිකය ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා පරිවර්ථනය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.."