නාමල් රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න - වීඩියෝ සහිතයි.. (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ දේශීය ආර්ථිකය පිළිබඳව මේ ආණ්ඩුවේ අවධානය අවම බව ය.
එමෙන්ම IMF එකට අවශ්‍ය සියල්ල කරනවා වෙනුවට ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව ඒ මහතා පැවසීය.
එමෙන්ම ආයෝජකයින් ගෙන්වීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් රාජ්‍ය දේපළ තවත් කෙනෙකුගේ උවමනාව මත පෞද්ගලීකරණය කිරිමට එකග නොවන බවත් ඒ මහතා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සැලැස්මක් සහිතව ආයෝජකයින් ගෙන්වීමට කටයුතු කිරිමට විරුද්ධත්වයක් නොමැති බවය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න,