රජයේ ලොකු පුටුවකට ලොක්කෙක්
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.
1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.
ඒ සම්බන්ධ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මනෝජ් නානායක්කාර මහතා වෙත භාර දෙනු ලැබීය.
කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස 1989 වර්ෂයේදී පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට එක්වූ මනෝජ් නානායක්කාර මහතා, පසුව දිසා කොමසාරිස්වරයෙකු, බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයෙකු සහ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර තිබේ.
එමෙන්ම, ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති මනෝජ් නානායක්කාර මහතා, ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් භාරගෙන මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර තිබේ.