"සමාජ මාධ්‍ය අවහිරය නිශ්පල ක්‍රියාවක්" මමත් VPN භාවිතා කරනවා.. නාමල් රාජපක්ශ සමාජ මාධ්‍යයේ පළ කළ සටහන(PHOTOS)

srilanka Namal rajapaksha
By Sithumi Apr 03, 2022 04:29 AM GMT
Sithumi

Sithumi

Report

රටේ පවතින දැඩි අර්බුධකාරී තත්වය හේතුත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය අවහිරය ට ලක් කර ඇති බව වාර්තා වනවා. දැනුම ලංකාවේ බොහෝ දෙනා මේ වන විට වීපීඑන් භාවිතා කරමින් සමාජ මාධ්‍ය භාවිතා කරන අතර අගමැති පුත් නාමල් රාජපක්ෂ මහතා අද ට්විටර් සටහනක් තබා තිබුණා.

කොරියාවේ අමාත්‍යවරයෙකු මුණ ගැසුණු අවස්ථාවක් පිළිබද ඔහු පැය 7කට පෙර මෙයාකාරයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. .

එම සටහන පහතින් එමෙන්ම ඔහු ට්විටර් සටහනක් තබමින් සමාජ මාධ්‍ය අවහිරය සමාජ මාධ්‍ය තුළින් ම දැනුවත් වන එකම රට ලංකාව බවයි.. එමෙන්ම මීට සුළු වේලාවකට පෙර නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්ය අවහිරය කිසිසේත් අනුමත නොකරන බව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශකර සිටියා ඔහුගේ සටහන පහතින් ,

"සමාජ මාධ්‍ය අවහිර කිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මම දැන් භාවිතා කරන ආකාරයටම VPN ලබා ගැනීම, එවැනි තහනම් කිරීම් සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාවක්. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මීට වඩා ප්‍රගතිශීලීව සිතා මෙම තීරණය නැවත සලකා බලන ලෙසයි."

GalleryGalleryGalleryGallery