“රටට අභිමානය ගෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි” - නාමල් ක්‍රිකට් වෙනුවෙන් පෙරට
එළඹෙන අයිසීසී T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ගැඹුරු කලකිරීමක් ඇති කර ඇති බව හිටපු ක්‍රීඩා ඇමති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුම හරහා ප්‍රකාශ කර ඇත.
ඔහුගේ සටහනේදී වැඩිදුරටත් අදහස් දක්වමින්;
"අප සෑම දෙනාටම ක්‍රිකට් යනු ක්‍රීඩාවකට එහා ගිය හැඟීම් සමුදායකි. එය අපගේ ජාතික අනන්‍යතාවයේ කොටසකි. අපි විනය, පෙර සූදානම සහ ශක්තිමත් ක්‍රමවේදයන් සමඟ දක්ෂතා ඒකාබද්ධ කළ නිසා අපි ලෝක කුසලාන දෙකක හිමිකරුවන් වී ගෝලීය වශයෙන් අහිමානයට හා ගෞරවයට පාත්‍ර වූ කණ්ඩායමක් විය.
අද වන විට පවතින අඩුපාඩුව දක්ෂතාවය නොවේ. එනම් අනුකූලතාව හෙවත් ක්‍රමානුකූලභාවය පවත්වාගැනීම, දිගුකාලීන සැලසුම් කිරීම සහ නිසි මානසික හා ශාරීරික ශක්තිය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් නොකිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම ශක්තිමත්ව පවතින්නකි. අපගේ පාසල් පද්ධතිය තුළ මෙන්ම දේශීය තරඟ තුළ දක්ෂ තරුණ ක්‍රීඩකයින් බිහි කිරීමට අප සමත් වී ඇත. දැන් අවශ්‍ය වන්නේ නිවැරදි දැක්මකින් යුතුව, පරිපාලනයේ වෘත්තීයභාවය පවත්වා ගනිමින්, ක්‍රීඩාවේ නායකත්වයේ ස්ථාවරත්වය ගොඩනැගීමයි.
ඉහළම මට්ටමේ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම කෙටි කාලීන පැලැස්තර සහ ක්‍රියාවලින් සිදුවන්නේ නැත. එය නිරන්තර පුහුණුව, වගවීම සහ සමස්ත ලෝක කුසලාන තරඟාවලියක් තුළ ගෙන යන පැහැදිලි සැලැස්මක් මඟින් සිදුවන්නකි. ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට නිවැරදි පරිසරයක් අප ගොඩනැගිය යුතුය. පරිපාලන අංශයන් විසින් ස්ථාවරත්වය සහ ක්‍රීඩාවේ නිවැරදි දිශානතිය සහතික කළ යුතුය. ක්‍රීඩකයින් සිය නිල ජර්සියේ වටිනාකම අභිමානයක් කොට ලෝකයට රැගෙන යා යුතුය.
වැදගත්ම කරුණ නම්, අපි මීළඟ පරම්පරාව සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසය නැවත ඇති කළ යුතු වීමයි. මන්ද, අපේ දරුවන්ට අභිමානය ඇති කරන වීරයන් නැවත ලැබිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික නිවැරදි කිරීම් නොවේ. නැවත සකස් කිරීමට, නැවත ගොඩනැගීමට සහ ප්‍රමිතීන් ඉහළ නැංවීමට ක්‍රීඩාවට ධෛර්යය අවශ්‍ය වේ. මේ ක්‍රීඩාව කුසලාන දිනා ගැනීම පිළිබඳ පමණක්ම නොවේ. එය අප සෑම දෙනාගේම හෘදයේ සටහන් වී තිබෙන සිංහ සලකුණේ ආඩම්බරය නැවත ළඟා කර ගැනීමකි."
Consistency is Key.
— Namal Rajapaksa (@RajapaksaNamal) March 2, 2026
Sri Lanka’s exit from yet another ICC Cricket World Cup is disappointing for every citizen who loves this game.
Cricket is more than a sport in Sri Lanka. It is part of our national identity. We were once a team feared and respected on the world stage…