නාමල් සහ සමන්ත කරුණාරත්න අත්අඩංගුවට.
Police
JVP
Arrested
Namal karunarathne
Samantha widdiyarathne
By Aruna
සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් බෝගහකුඹුර පොලීසිය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජුලි 01 වනදා බෝගහකුඹුර පොලිස් වසමේ බොරලන්න නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ එම සැකකරුවන් අද වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |