මටත් බුකියේ වීරයෙක් වෙන්න තිබ්බා... පාසලේ සමරු ඵලකය නිසා වෙච්ච ඇබැද්දිය ගැන නලින්ද කට අරී
By Hashini
අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ වාද්දුව මධ්‍යම මහා විද්‍යාල තාක්ෂණ ගොඩනැගිල්ලේ සමරු ඵලකයේ තම නම පමණක් නොව අගමැතිතුමියගේ ද නම තිබූ බවයි.
ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ ප්‍රතිපත්තියක් ලෙස සමරු ඵලකවල නම දැමීමට තමන් කිසි දිනක එකඟ නොමැති නමුත් එහි තමන්ගේ නම ඇති බව දුටුවේ එය විවෘත කරන අවස්ථාවේ බවත්ය.
තමාට ඒ අවස්ථාවේ ම රැඩිකල් තීන්දුවක් ගෙන එම සමරු ඵලකය ගලවා විසි කරන ලෙස දැනුම් දී සමාජ මාධ්‍ය වීරයෙක් වෙන්නට හැකියාව තිබුණ ද එය එම පාසලට සුවිශේෂ අවස්ථාවක් නිසා එසේ නොකළ බව ද නලින්ද ජයතිස්ස පෙන්වා දෙනවා.
කෙසේ වුව ද තමන් එම චාම් උත්සවය සඳහා ගියේ කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව සිය වාහනය පදවා ගෙන බවත් කෙටියෙන් කතාවක් ද සිදුකර නැවත පැමිණි බවත් ඇමතිවරයා සඳහන් කරනු ලැබුවා.