චන්නගේ හා ගොඩහේවාගේ කට වසා අදහස් දැක්වීම වළක්වමින් පාර්ලිමේන්තුවේ වාරණයක්..ගොඩහේවා සමග එක් වීමට තවත් කණ්ඩායමක්(VIDEO)
By Sewvandhi
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සදහන් කරන්නේ අතුරු අයවැය පිළිබඳව පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමේ නාම ලේඛනයෙන් ආණ්ඩු පක්ෂය විසින් තමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාගේ නම් ඉවත්කිරිම තුලින් තමාට සහ චන්න ජයසුමන මහතාට ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු තුල අදහස් දැක්වීමේ වාරණයක් පනවා ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ, නිදහස, සමාජ කතිකාව නමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ තමා ඇතුළු කණ්ඩායම වෙනම දේශපාලන ව්‍යාපාරයක් තුළින් ඉදිරියට යන බව.
එහිදී ඔහු දැක්වූ අදහස් පහත විඩියෝවෙන්...(වීඩියෝ අයිතිය - CHANEL4)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |