වලව ගඟ දෙපස ගොඩවැලි කපන්න ආයේ බැහැ හේතුව මෙන්න
වලව ගඟ දෙපස ගොඩවැලි කැපීම නිසා ගම්මාන රැසක් අනතුරට ලක්විමේ අවධානමක් මතුව තිබේ.
අම්බලන්තොට ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුව තීරණය කර ඇත්තේ ඒ අනුව එම ප්‍රදේශයේ ගොඩවැලි කැපීම තහනම් කිරිමටයි.
අධි සංවේදී කලාපවල ගොඩවැලි කැපීම හේතුවෙන් පරිසරයට සිදුවන්නේ දැඩි හානියකි තවද අම්බලන්තොට වලව ගඟ දෙපස ගොඩවැලි කැපීම හේතුවෙන් ඇතිවන විශාල වළවල් ගොඩකිරිමට කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බවද වාර්තා වේ.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සදහන් කරන්නේ වලව ගංගාවේ ජලය පිටාර ගලන අවස්ථාවලදී අම්බලන්තොට නගරයත් ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බවයි.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සභාපතීත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැත්වූ අවස්ථාවේ දී අම්බලන්තොට ප්‍රාදේශිය සංවර්ධන කමිටුව මේ බව සදහන් කර ඇත.
වලවවත්ත නැගෙනහිර හා බටහිර පලුගහගොඩැල්ල සහ ඡංසගම යන ග්‍රාම නිලධාරි වසම් සංවේදී කලාප ලෙස නම් කර ගොඩවැලි කැපීම නතර කිරිමට මෙම විනාශය වැළැක්වීම සදහා තීරණය කර තිබේ.