ග්‍රෑන්ඩ්පාස් වලින් හමු වූ අභිරහස් ඝාතනය. - (VIDEO)

Sri Lanka Police Crime Murder Mysterious Death
By Wayomi Feb 20, 2024 07:45 AM GMT
Wayomi

Wayomi

Report

අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී හිසට කතුරකින් ඇන ඝාතනය කළ තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රුවන් කුමාර නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

පොලිසිය පවසන්නේ, මියගිය තරුණයා මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ අයෙකු බවටත් විවිධ සොරකම්වලට සම්බන්ධ වුවෙක් බව තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



ReeCha