අනියම් පෙම ඝාතනයකින් කෙළවර වෙයි..කවුරුත් නොසිතූ තැනකින් යතුරුපැදියත් හමුවෙයි..
අද (09) අත්තනගලු ඔයෙහි ශාකාවක් වන දාරළුව ඔයේ තිබී සොයා ගත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු අනුව ඝාතනයට ලක් වූ පුද්ගලයාට අයත් යතුරු පැදිය සොයා ගෙන තිබෙනවා.
පසුගිය 05 වනදා ඔයේ සුදු පාලම ආසන්නයේ තිබී වයස අවුරුදු 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබුණා.
එම ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක වාදන ශිල්පියෙකු යි මෙලෙස ඝාතනය වී තිබුණේ.පොලිසිය සදහන් කළේ, ඝාතනයට හේතුව වී ඇත්තේ අනියම් සබදතාවයක් බවයි.
පසුව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබූ අතර එහිදී එය මනුෂ්‍ය ඝාතනයක් බවට ඇති වූ සැකය මත එම ප්‍රදේශයේ ම වයස අවුරුදු 45 ක් සහ 40 හැවිරිදි පුද්ගලයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව ඔවුන්ගෙන් සිද කල ප්‍රශ්න කිරීම් වලදී ඝාතනයට ලක් වූ පුද්ගලයාට අයත් යතුරු පැදියක් අත්තනගලු ඔයට දැමූ බවට අනාවරණය වීමත් සමග නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් එම යතුරු පැදිය ගොඩගෙන ඇත්තේ.
