මහා බැංකුවෙන් දැනුම්දීමක්..ගිය වසරට වඩා වැඩිවෙලා..
Central Bank of Sri Lanka
Sri Lanka Tourism
Ministry of Finance Sri Lanka
Economy of Sri Lanka
By Sewvandhi
මහ බැංකුව පවසන්නේ,ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස හත තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 3,710.8 ක් බවයි.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.3 ක වැඩිවීමක්. පසුගිය වසරේ මෙම කාලය තුළ විදේශ ප්‍රේෂණ සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 3,363.6 ක් ලෙසටයි.
පසුගිය ජූලි මාසය තුළදී ඩොලර් මිලියන 566.8ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙනවා.
එමෙන්ම ජනවාරි සිට ජූනි මාසය අග දක්වා කාලය තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ 10,249 ක්.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, එමගින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 1556.6ක් බවයි.
