බයිසිකලයක් සහ රුපියල් ලක්ෂ 3ක මුදලක් නිසා සැමියෙක් බිරිදට කරපු දේ..

India Crime World Murder
By Piyumika Sep 16, 2024 08:16 AM GMT
Piyumika

Piyumika

Report

දෑවැද්ද ලෙස බයිසිකලයක් සහ රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා නොදීම නිසා සැමියා විසින් සිය බිරිඳ පහර දී මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බයිකෙඩා ගම්මානයේ පදිංචි සුන්දර් මීට වසර දෙකකට පෙර මීනා සමඟ විවාහ වී ඇති අතර, එතැන් සිට ඇයගෙන් දෑවැද්ද ඉල්ලා තිබේ.

වසර දෙකකට පසු නිම වුනු රජ පව්ලේ ගැටුම්..

වසර දෙකකට පසු නිම වුනු රජ පව්ලේ ගැටුම්..

මේ සම්බන්ධයෙන් ඔහු ඇයට හිරිහැර කිරීමට පවා පුරුදුව සිටි බව ඇය සිය පියාට පවසා ඇති බවයි වාර්තා වනුයේ.

මීනා නැවතී සිට ඇත්තේ සොහාර්කාහි පිහිටි ඇගේ පියාගේ නිවසේයි. සුන්දර් සෑම දිනකම ඇය බැලීමට ගොස් ඇති අතර, එම නිවසේදී ආහාර පවා ලබා ගන්නා බවයි පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ.

"මගේ වැඩසටහන තමා IMF පිළිගෙන තියෙන්නේ.. IMF නැත්නම් උදව් කරන්න වෙන කවුරුත් නෑ"

"මගේ වැඩසටහන තමා IMF පිළිගෙන තියෙන්නේ.. IMF නැත්නම් උදව් කරන්න වෙන කවුරුත් නෑ"

ඔහු ඊයේ රාත්‍රියේද ඇයව බැලීමට ගොස් ඇයව සිය නිවසට රැගෙනවිත් ඇති අතර, එහිදී ඔහු දෑවැද්ද සම්බන්ධයෙන් ඇය හා ගැටී ඇති බවයි වාර්තා වේ.

දෑවැද්ද සකසා ගැනීමට නොහැකි වීම නිසා ඔහු ඇයට පොලුවලින් පහර දී ගෙල මිරිකා මරා දමා එම ස්ථානයෙන් පලා ගොස් තිබෙන බව පැවසේ.

ඒක තනිකරම දමිළ සිනමා පටයක් වගේ සිදුවීමක් ..

ඒක තනිකරම දමිළ සිනමා පටයක් වගේ සිදුවීමක් ..

ඝාතනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට දන්වා ඇති අතර, පසුව කාන්තාවගේ පවුලේ අය පොලිසියට පැමිණ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව, ඇයගේ පවුලේ අයගේ පැමිණිල්ල මත පොලිසිය නඩුවක් පවරා ඇති බවයි වාර්තා සඳහන් කරයි.