මාර්ගයකදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි..

Police Accident Murder Eeraketiya
By Aruna Nov 20, 2021 08:18 AM GMT
Aruna

Aruna

Report

වීරකැටිය - කැකුණයායපොල අසළ මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.   

අද අලුයම් කාලයේ මෙලෙස ඝාතනය කර ඇත්තේ වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

වළස්මුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


ReeCha