විශ්වාසභංගෙට දුවන් ආවා කියපු කතාව බොරුවක් - කෝචොක් දැම්ම නිසා මුජිබර් හරිනිගේ රෙදි ගලවයි
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහි විශ්වාසභංග යෝජනාව කිසිසේත්ම ආපස්සට ගෙන නොමැති බව ප්‍රකාශ කරයි.
එසේම එය නියමිත වේලාවට ඉදිරිපත් කරන බවත් හරි නම් අගමැතිනිය ඊට පෙර අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අගමැතිනිය අපොහොසත් වීම හේතුවෙන් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළ ජනාධිපතිවරයා එම ප්‍රසංස්කරණ නැවැත්වීමට ක්‍රියාකර තිබෙන බවයි.
එබැවින් අගමැතිනිය වහාම කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට එය භාර දීම බවත් ඔහු කියයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා රුපියල් කෝටි 50කට වඩා අධික මුදලක් රජයට පාඩු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පැවසුවා.
එමෙන්ම රටේ අනාගතය භාර ගැනීමට සිටින පාසල් දරුවන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉදිරිපත් කිරීමට වර්තමාන ආණ්ඩුවට නොහැකි නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වැනි කරුණු ගැන වර්තමාන ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම විහිළුවක් බවද ඔහු ප්‍රකාශ කළා.
තමා ස්විස්ටර්ලන්තයේ සිට කඩිමුඩියේ පැමිණියේ විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට බව අගමැතිනිය ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් එය නිවැරදි නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටින්නේ ඩාවෝස් නුවර ආර්ථික සමුළුව නිමවීම නිසා අගමැතිනියට නියමිත දින ගණන සිට ඉන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවූ බවයි.
තවද ඔහු අගමැතිනියගෙන් ප්‍රශ්න කරන්නේ ගුරු පුරප්පාඩු 43000 ක් තිබියදීත්, ස්මාර්ට් බෝඩ් පන්ති කාමරවලට නිසි පරිදි ලබා දී නොමැතිව තිබියදීත් එවැනි යටිතල පහසුකම් සම්පාදනය කිරීමකින් තොරව නම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යනුවෙන්.
ඒ හේතුවෙන් අගමැතිනියට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කිසිසේත්ම ආපස්සට ගෙන නොමැති බවත් එය සුදුසු විටදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මේ පිළිබඳව එළඹෙන සතියේ දී රැස්වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මුජිබර් රහුමාන් මහතා තවදුරටත් පැවසුවා.