කුපිත වූ ජනතාවගෙන් ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවසට ප්‍රහාරයක්..නිවසට දැඩි අලාභ හානි..(PHOTOS/ VIDEO)

By Sewvandhi Nov 23, 2021 09:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්. එස් තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට යම්කිසි පිරිසක් විසින් පහර දී දැඩි අලාබ හානි සිදු කර ඇති බව වාර්තා වෙනවා.

ප්‍රහාරයෙන් ඔහුගේ නිවසට දැඩි අලාබ හානි සිදු ව ඇති අතර, මෙම සිද්ධියට හේතු වී ඇත්තේ, අද උදෑසන කින්නියා හි සිදු වූ පාලම් පාරු අනතුර පිළිබඳ ජනතාව කුපිත වීමෙන් බවයි වාර්තා වෙන්නේ.

අද උදෑසන සිදු වූ මෙම ඛේදවාචකයෙන් කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මිය ගියා.

ඊට අමතර ව, අනතුර හේතුවෙන් තවත් 19 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, කලපුවේ අනතුර සිදු වූ ස්ථානය අවට කිමිදුම්කරුවන් යොදවා අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමක් දියත් කළා.

පාරුවක් පෙරළි සිදුවූ බිහිසුණු අනතුර..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery