මාව බේරගත්තේ සිංහල රණවිරුවන් - මන්ත්‍රී අර්චුනා කියයි

Report

යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ ජංගම දුරකථන දෙක නැති වූ බව වාර්තා වී ඇත.

පසුගිය නොවැම්බර් 27 වැනිදා ඇතිවූ හදිසි ආපදා තත්ත්වයත් සමඟම පැමිණි ගංවතුරට මන්නාරමේ දී හසු වූ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා දිවි බේරා ගත්තේ හමුදා සෙබළුන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් බව වාර්තා වේ.

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

ඔහු මේ බව පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ තමන්ව බේරාගත්තේ සිංහල රණවිරුවන් බව ප්‍රකාශ කරමින්ය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් ගමන් ගත් මෝටර් රථය ගංවතුරට හසු වී කුඹුරකට ගසා ගෙන ගොස් ඇති බවත් තමාගේ ළඟ තිබුණු ජංගම දුරකථන දෙකම ගංවතුරට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි.

මේ නිසා තමා දැඩි අපහසුතාවයට පත් වූ බවත් තමාගේ තිබුණු දුරකථන නාමාවලි දෙකම ජංගම දුරකථන දෙක සමගම අතුරුදන් වී ඇති බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

ඉදිරි පැය 36 රටට වෙන්නේ මේකයි හැමෝම පරිස්සමෙන්

ඉදිරි පැය 36 රටට වෙන්නේ මේකයි හැමෝම පරිස්සමෙන්

මේ නිසා මේ දිනවල තමා තමාගේ තිබුණු දුරකථන සම්බන්ධතා යළි ඇති කරගැනීම සඳහා කටයුතු කරන බවත් නව දුරකථනයක් ලබාගත් බවත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පවසා ඇත.