පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රන් ඝාතනයේ පැදිකරු අත්අඩංගුවට

Report

දකුණු පළාතේ පාතාල මර්දන කටයුතුවල නිරතව සිටියදී ඝාතනයට ලක්වූ පොලිස් පරීක්ෂක දැඩිමුණ බාලේන්ද්‍රන් මහතාගේ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පැදවූ සැකකරු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම විමර්ශන කොට්ඨාසය සමත්ව තිබේ.

මීටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අපරාධ සඳහා යොදාගන්නා ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 15ක් මීටියාගොඩ ප්‍රදේශයේ වළදමා තිබියදී සොයාගෙන ඇත.

රියදුරන්ට හා ජනතාවට විශේෂ නිවේදනයක් - මේවා කරොත් දැඩි නීතිමය පියවර - WhatsApp අංකයක් මෙන්න

රියදුරන්ට හා ජනතාවට විශේෂ නිවේදනයක් - මේවා කරොත් දැඩි නීතිමය පියවර - WhatsApp අංකයක් මෙන්න

2023 වසරේ ඔක්තෝබර් මස බාලේන්ද්‍රන් මහතා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'සමන් කොල්ලා' නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරයි.

විමර්ශනවලට අනුව 'සමන් කොල්ලා' යනු කරන්දෙණිය සුද්දා සහ SF රාජු යන පාතාල නායකයන්ගේ සමීපතමයෙකු වන අතර, මෑතකදී ඔවුන් අතර ඇතිවූ විරසකයක් මත මෙම ඝාතනය සැලසුම් කර ඇති බව හෙළිවී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර මෙම ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ නමුත්, වෙඩික්කරු සහ යතුරුපැදිකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූයේ මෙම වැටලීමෙනි.

ශ්‍රී ලංකා පොලිසිය වෙතින් මහජනතාවට අනතුරු ඇගවීමක් - දැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුම්දීමක්

ශ්‍රී ලංකා පොලිසිය වෙතින් මහජනතාවට අනතුරු ඇගවීමක් - දැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුම්දීමක්

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත අතර, ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.