සැඩ පහරට හසු වූ යතුරුපැදිකරු අතුරුදන්...
Police spokesman
Missing Persons
Weather
Floods In Sri Lanka
By Hashini
බලහරුව අලුත්වෙල ප්‍රදේශයේ කුඩාඔය හරහා ඇති අලුත්වෙල පාලම මතින් එගොඩ වීමට ගිය යතුරුපැදිකරුවෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.
යතුරු පැදියද සමඟ එම පුද්ගලයා සැඩපහරට ගසාගෙන ගොස් ඇති අතර මේ වන තෙක් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.
අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විටත් කුඩාඔය ගංගාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
හපුතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
