කිම් ජොන් උන්ගෙන් රුසියානු ජනපතිට සහතිකයක්

Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේන - රුසියා යුද ගැටුම් විසඳීම සඳහා රුසියාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය දීමට තම රට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇති බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

උතුරු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් උතුරු කොරියාවේ තෙදින සංචාරයක නිතර වී සිටින අතර එහිදී දෙරට අතර ඉහළ මට්ටමේ උපාය මාර්ගික සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේදී.

තහනම් පිරමීඩ යෝජනාව ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

තහනම් පිරමීඩ යෝජනාව ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

එමෙන්ම යුක්‍රේනයට එරෙහිව රුසියානු යුද්ධය සඳහා ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා රුසියාවට මිලිටරි සහායක් ලබා දෙන බවද උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙහිදි පවසා තිබෙනවා.

මෙම හමුවෙන් අනතුරුව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියානු විදේශ අමාත්‍යවයරයා සහ කිම් ජොන් උන් අතර හමුවේදී යුක්‍රේන සහ රුසියානු යුද්ධය සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට යොමු කරන ලද හමුදා භටයින්ට රුසියාව ස්තූතිය පුද කළ බවය.