ලබන වසරේ සිට පාසල් කාල සීමාව වෙනස් වෙයි

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කාල පරිඡේදයක කාලය විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන බලධාරීහු පවසති.

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, මෙම ශ්‍රේණිවල දිනකට ඉගැන්වීම් කාල පරිඡේද සංඛ්‍යාව 07 දක්වා අඩු කිරීමටද කටයුතු කරන බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙම වෙනස්කම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සිසුන්ට ඵලදායි ඉගෙනුම් අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් සිදු කෙරේ.

2026 සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප සහ කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.

පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

ඒ අනුව, මෙම වැඩසටහන් මාලාවේ පළමු සාකච්ඡාව ඊයේ (12) පැවැත්වුණු අතර, එම අවස්ථාවට එක් වෙමින් ලේකම්වරයා මේ බව අවධාරණය කළේය.

මෙම ප්‍රතිසංස්කරණ යටතේ සිදුවන වෙනස්කම් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ සිසුන්ගේ ඉගෙනුම් අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන අන්දමින් ඉගැන්වීම් ක්‍රියාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන්, පාසල් පරිපාලනය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

පාසලක විශ්වාසය බිඳෙයි - ලිංගික අතවරයකට පීඩා විඳි සිසුවියක් ගිනි තබාගනී

පාසලක විශ්වාසය බිඳෙයි - ලිංගික අතවරයකට පීඩා විඳි සිසුවියක් ගිනි තබාගනී