සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකසහිතව අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දිගේ මව, වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
වෛද්‍ය වාර්තා අනුව, ඇය පසුගිය ජූලි 11 වැනිදා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.
ඉෂාරා සෙව්වන්දි මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් ලෙස සැලකේ. ඇයගේ මව සහ සොහොයුරා සමඟ සම්බන්ධතාවයක් හේතුකොටගෙන ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.