දේශීය වෙළදපොලේ බුලත් මිල ඉහළට

Report

දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් පවසනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එම වෙළෙදුන් පවසන්නේ පීදුණු බුලත් කොළයක් රු.10/=කටත්, රැහැන් බුලත් කොළයක් රු.8/=කටත්, කුඩා බුලත් කොළයක් රු.7/=ක් වැනි මුදලකටත්, තොග මිල ලැබෙන බවත්, පවත්නා තත්තවය මත බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.350/= සිට රු.450/= දක්වා මිලකට අලෙවි කිරිමට සිදු වන බවයි.

බුලත් මිල ඉහළයෑමට සමගාමීව පුවත් මිලද ඉහළ යෑම හමුවේ බුලත් විටක් රු.70/=ක් වැනි මිලකට අලෙවි කිරිමට සිදු වී ඇති බවද එම වෙළෙදුන් පවසනවා.

රථ වාහන වෙළඳපොලට තවත් පහරක්? – වරාය තුළ සිරවුණු වාහන 1,000ක්

රථ වාහන වෙළඳපොලට තවත් පහරක්? – වරාය තුළ සිරවුණු වාහන 1,000ක්

වෙළෙදුන් කියා සිටියේ බුලත්වලට රෝගයක් වැළදීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවත්, පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් මිලද ඉහළ ගොස් ඇති බවයි.

බුලත් පුවක්වල මිල ඉහළ යෑම හමුවේ තම දෛනික වෙළදාම් සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, තම දෛනික කටයුතු වලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරිමට සිදු වූවත් ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බව එම වෙළෙදුන් වැඩි දුරටත් සදහන් කරනවා.

සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්

සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්