පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට
නිරූපන ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුව අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය සඳහන් කළේය. රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේදී පුද්ගලයකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුව සිදුකර ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම සිද්ධිය බරපතල ප්‍රහාරයක් ලින්දි බැවින්, සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මේ වන විට අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවත්, අපරාධයේ බරපතලකම අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැලිකඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.