යුරෝපා සංගමයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීම්

European Union Donald Trump Sinhala news Trump tariff
By Hashini Jul 13, 2025 06:44 AM GMT
Hashini

Hashini

Report

 අගොස්තු 01 වැනිදා සිට 30% ක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය, අමෙරිකාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සඳහන් කළේ අමෙරිකාව පැනවූ තීරු බදු සමග යුරෝපා සංගමය තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි.

අමෙරිකානු ක්‍රියාකලාපය අනුව සිය සාමාජික රටවල් අගොස්තු පළමු වැනිදා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වනවා.

ඇය අවධාරණය කරනු ලබන්නේ 30% ක තීරුබදු පැනවීම අත්ලාන්තික් සාගරයෙන් පිටත සිටින ව්‍යාපාරිකයින්ට, පාරිභෝගිකයින් සහ රෝගීන්ට එහි අහිතකර බලපෑම් සිදු විය හැකි බවය.

රථ වාහන වෙළඳපොලට තවත් පහරක්? – වරාය තුළ සිරවුණු වාහන 1,000ක්

රථ වාහන වෙළඳපොලට තවත් පහරක්? – වරාය තුළ සිරවුණු වාහන 1,000ක්

මේ අතර ජර්මානු ආර්ථික අමාත්‍ය කැතරිනා රීච් නිවේදනය කළේ, නව තීරු බදු ප්‍රකාශයට පත් කිරීම යුරෝපා සංගමයේ රටවලට මෙන්ම අමෙරිකානු ආර්ථිකයට ප්‍රබල පහරක් වනු ඇති බවයි.

ඒ අනුව අත්ලාන්තික් සාගරයෙන් පිටත ආර්ථිකයින්ට එය ප්‍රභලවම බලපෑමක් සිදු වන බව ඇය පැවසුවා ය.

එමෙන්ම ඉදිරියේදී ඉහළ යන පිරිවැය හේතුවෙන් ජර්මානු මෝටර් රථ කර්මාන්තයට බලපැම් එල්ල විය හැකි බව මෝටර් රථ නිෂ්පාදකයින් පවසයි.

සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්

සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්

ඔවුන් සඳහන් කළේ මේ වන විටත් ඔවුන්ගේ පිරිවැය බිලියන ගණනින් ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර අගෝස්තු 01 සිට 30%ක් ලෙස නිවේදනය කළ බදු සම්බන්ධයෙන් මෙක්සිකෝවද අමෙරිකාව විවේචනය කර තිබෙනවා.

මෙක්සිකානු ආර්ථිකය සහ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ට්‍රම්ප්ගේ තීරු බදු ගිවිසුම අසාධාරණ ගිවිසුමක් බවත් ඒ සඳහා එකඟ නොවන බවයි.

ReeCha