තරුණයෙකු සිය මවට කරන දෙයක් ගැන මව හැඩූ කදුලින් පොලීසියට ගිහින් කරපු පැමිණිල්ල...
By Sithumi
තරුණ වියේ පසුවන සිය පුත්‍රයා තමාට පහරදෙන බවට වයස්ගත මවක තඹුත්තේගම පොලිසියට කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්‍ෂා කිරීමට එම නිවසට ගිය පොලිස් කොස්තාපල්වරයකුට සැකකාර පුත්‍රයා විසින් පහරදීම නිසා කොස්තාපල්වරයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ අයකු වන අතර නිතරම තම මවට පහරදී මුදල් ඉල්ලා කරදර කර තිබෙනවා.
ඔහුගේ හිරිහැර ඉවසාගත නොහැකිව මව ඒ පිළිබඳව තඹුත්තේගම පොලිසියට පැමිණිලිකර තිබුණු අතර පොලිස් කොස්තාපල්වරයා පසුගියදා එම නිවසට ගොස් පොලිසියට පැමිණෙන ලෙස සැකකරුට දැනුම් දුන් අවස්ථාවේ ඔහු කොස්තාපල්වරයාට පොල්ලකින් පහරදී තුවාල සිදුකර ඇති අතර සැකකරු පසුගියදා පොලිසිය ම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
- සිතුමි -