පාසල් ආරම්භයෙන් පසු සියලු දරුවන්ට ලැබෙන දේ මෙන්න.
දුෂ්කර පාසැල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබා දිමේ අරමුණෙන් කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
යුරෝ මිලියන 13.9 ක ප්‍රංශ ආධාර යටතේ මෙම කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. කිරි සැකසුම් මධ්‍යස්ථානයකින් දිනකට කිරි ලීටර් පන්දහසක් බැගින් මෙම මධ්‍යස්ථාන හය තුළ දිනකට කිරි ලීටර් 30,000ක් සකස් කිරීමට නියමිතයි.
වෙන්නප්පුව, අත්තනගල්ල, වාරියපොල, පොළොන්නරුව, නාවලපිටිය හා යෝජිත කිරි සැකසුම් මධ්‍යස්ථානවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.
මෙම සෑම කිරි සැකසුම් මධ්‍යස්ථානයකට අනුබද්ධව කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන පහ බැගින් ස්ථාපිත කිරිමට ද නියමිතයි. මෙමඟින් අදාල ප්‍රදේශවල කිරි ගොවියන් 12,000 කට පමණ සාධාරණ මිලකට කිරි අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබෙන බැවින් ඔවුන්ගේ මාසික ආදායම ඉහළ නංවා ගැනිමට අවස්ථාව හිමිව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළා.
මෙම එක් කිරි සැකැසුම් මධ්‍යස්ථානයක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 450 ක් බැගින් ලබා දී ඇති බව ද, මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර වෙන්නප්පුව, වාරියපොල, අත්තනගල්ල හා පොළොන්නරුව කිරි සැකැසුම් මධ්‍යස්ථානවල කිරි සකැසුම් කටයුතු ආරම්භ කළ යුතු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කිරි සැකසුම් මධ්‍යස්ථාන භාර ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
