තෛපොංගල් දිනය නිමිත්තෙන් අගමැතිනියගෙනුත් සුබ පැතුම් පණිවුඩයක්

Report

අද දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් අගමැතිනිය ද පණිවිඩයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඇය සඳහන් කළේ එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු යනුවෙන්.

තෛපොංගල් දිනය නිමිත්තෙන් ජනපතිගෙන් සුබ පැතුම් පණිවුඩයක්

තෛපොංගල් දිනය නිමිත්තෙන් ජනපතිගෙන් සුබ පැතුම් පණිවුඩයක්

ඇය නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය පහතින්,

''ශ්‍රමයේ මහිමයටත් සොබාදහමෙන් ලද රැකවරණටත් ස්වකීය කෘතඥතාව පළකරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක අභිමානය සනිටුහන් කරමින්, තෛපොංගල් උත්සවය සමරන දෙස් විදෙස් දෙමළ ජනතාව වෙත මගේ හෘදයාංගම ශුභාශිංසනය පිරිනමමි. මිනිස් ජීවිතය ස්වභාවධර්මය සමඟ කෙතරම් අවියෝජනීය ලෙස බැඳී පවතින්නේ ද යන්න මෙම උතුම් මංගල්‍යය ලොවට පසක්කරයි. අප සැම ස්වභාවධර්මයේම නිර්මාණයෝය. සොබාදහමට අකීකරුවීමෙන් හෝ එය අභිබවා යමින් අපට යාහැකි ගමනක් නැත. ඒ අර්ථයෙන් සොබාදහමෙන් අපට ලැබෙන ආශිර්වාදයන්ට පෙරළා ගරු කිරීම අපගේ උතුම් මානුෂීය ගුණයක් ලෙස හැඳින්විය හැක.

මහත් හරසරින් සමරන තෛපොංගල් උත්සවය අදයි

මහත් හරසරින් සමරන තෛපොංගල් උත්සවය අදයි

රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක අභිමුවය. ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරමින්, දේශය 'පුනරුද යුගයක්' කරා මෙහෙයවීමේ දැවැන්ත වගකීම අප සැම සතුවේ. අභියෝග මධ්‍යයේ වුවද, රජයක් ලෙස අප එම වගකීම භාරගෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා වූ නව වසරකට අධිෂ්ඨානයෙන් යුතුව මුලපුරා ඇත්තෙමු. "අපට බත් පතට අත තැබිය හැකිවන්නේ ගොවියා මඩේ පා තැබුවහොත් පමණි " යන කියමන අනුව, රටේ අනාගත සමෘද්ධිය වෙනුවෙන් අද අප කරන කැපවීම ද සරු අස්වැන්නක් අපේක්ෂාවෙන් වගා බිමක් සකස් කිරීම හා සමානය. සොබාදහමට ගරු කරමින් ඊට කෘතවේදීත්වය පළ කරන මෙම තෛපොංගල් උත්සවය, යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහි කිරීමට අපට කරන මග පෙන්වීමක් බඳු ය. එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු. තෛපොංගල් මංගල්‍යය සමරන දෙමළ ජනතාවගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි ද, මෙම නව ආරම්භය සැමට සතුට සහ සෞභාග්‍යය උදා කරදීමට හේතුවේවායි කියා ද මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි."

ලැබීම් අතින් යහපත් වුවත් මේ ලග්නවලට අද වැයපස අධිකයි - දවසේ ලග්නපලාපල මෙන්න

ලැබීම් අතින් යහපත් වුවත් මේ ලග්නවලට අද වැයපස අධිකයි - දවසේ ලග්නපලාපල මෙන්න