ට්‍රම්ප් කපටිම නෑ ජපානෙ බයකරලා, ඇමරිකාවේ ආයෝජනය කරන්න කියලා, අනිත් පැත්තට බද්දත් ගහලා

Report

ට්‍රම්ප් කියන්නේ කපටිකමෙන් මොළෙන් ගේම ගහන නායකයෙක්.ට්‍රම්ප් ගැන වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ පසුගිය දවසක ඔහු විසින් ලෝකයේ රටවල් කිහිපයකට පැනවූ අධික තීරු බදු ප්‍රතිශත නිසයි.

ඒ අතර ජපානයත් එක් රටක්.තීරු බදු පැනවීමත් සමගම අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා ජපානයට 15% ක තීරු බද්දක් නියම විය.

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා සියයට 15ක බද්දක් අඩුකර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි. Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම ගිවිසුම ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිත බවය.

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

ඒ අනුව ජපානය ඇමෙරිකාව තුළ ආයෝජනය කළ යුතුවේ. එමෙන්ම අදාළ තීරණය හේතුවෙන් අමෙරිකාවට යහපත් කාලයක් උදාවන අතර, එය ජපානය සමඟ ඇති සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට හේතුවක් වන බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

මීට පෙර තීරු බදු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14ක් වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබද්දක් පනවන බවය.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

කෙසේ නමුත් යටින් ගේම ගහලා ජපානයත් නම්ම ගෙන ට්‍රම්ප් මේ බද්ද 15% දක්වා අඩු කර තිබේ. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ට්‍රම්ප් ලිඛිතව දැනුම් දී තිබූ අතර, තීරු බදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.