සජබේ මන්ත්‍රීට ප්‍රහාරයක් - තියුණු ආයුධයකින් හිසට හානි
මිරිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධනේශ රාජපක්ෂ (සජබ) මහතාට අයත් පල්ලෙවෙල පිහිටි නිවසට ජූලි 20 අලුයම අනවසර ලෙස ප්‍රවේශ වූ පුද්ගලයන් පිරිසක්, නිවසේ ආරක්ෂක නිලධාරියා බැඳ දැමීමෙන් පසුව මන්ත්‍රීවරයාට පහර දී තුවාල සිදුකර, රුපියල් තුන්ලක්ෂ අසූදාහක් පමණ මුදල් සහ වටිනා දේපළ සොරකම් කර පලාගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, පහර දීමට ලක් වූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට මිරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, මන්ත්‍රීවරයාට හිසට තුවාලයක් සිදුවී ඇති අතර ඔහු බාහිර ප්‍රතිකාර ලබාගෙන ඇති බවය.
පළමු පරීක්ෂණ අනුව, කල්ලිය අලුයම 2ට පමණ නිවසට පැමිණ, ආරක්ෂක නිලධාරියාට පහර දී ඔහුගේ කටේ රෙදි කැබලි වලින් වසා ප්ලාස්ටර් දැමීමෙන් අනතුරුව අතපය බැඳ, නාන කාමරයක කවුළුවක් හරහා නිවසට ඇතුළු වී ඇත. එහිදී කාමර කිහිපයක තිබූ දේපළ සෝදිසි කළ ඔවුන් පසුව උඩු මහලේ මන්ත්‍රීවරයා නිදා සිටි කාමරයට ගොස් ඇත.
පිරිස පැමිණීමත් සමග වහා අවදි වූ මන්ත්‍රීවරයා මැර පිරිස සමග පොර බදා ඔහුගේ හිතවතෙකුට මේ බව දුරකථනයෙන් දැනුම් දීමට ගත් උත්සාහයේදී, කල්ලියේ සාමාජිකයෙකු ඔහුට මුගුරකින් හා තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර ඇත. තවද, මන්ත්‍රීවරයාගේ දරුවන් තිදෙනා සිද්ධියට පෙර කාමරයක සිරකර තැබීමෙන් ඔවුන් ආරක්ෂිතව තැබූ බවද වාර්තා වේ.
අතපය බැඳ තැබූ ආරක්ෂක නිලධාරියා දැඩි උත්සාහයකින් බැඳ තිබූ රැහැන් ඉවත් කර පළමුව පිටතට පැන ගොස් ගැසූ උදව්ඉල්ලා ඉන් අවට පදිංචිකරුවන්ට ඇසී ඇති අතර, එය ඇසූ කල්ලිය පලාගොස් ඇතැයි පොලිසිය කියා සිටියි.
මන්ත්‍රීවරයා සතු වූ රු. 380,000ක මුදලක් ද ඔවුන් විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම සොරකමක් සදහාම මෙහෙයුමක් ක්‍රියාත්මක කළේද නැතහොත් වෙනත් අරමුණක් පැවතිද යන්න තවමත් විමර්ශනය යටතේ පවතින බව පොලිසිය දක්වා ඇත.
මෙම පරීක්ෂණ සඳහා නිට්ටඹුව පොලිස් සේවාවේ විශේෂ පුහුණු සුනඛයා වන "ටාරා"ගේ සහය ලබාගෙන ඇති අතර, ගම්පහ පොලිස් අපරාධ පරීක්ෂණ අංශයද සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානය පරීක්ෂා කර ඇත.
