ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

Report

තම පියා සමඟ සංචාරයකට ගිය පසු අතුරුදන් වූ සහෝදරියන් තිදෙනෙක්ගේ මළ සිරුරු ඉකුත් දා වොෂින්ටනයේ කඳවුරු භූමියකින් හමුව ඇත.

ඒ අනුව එසේ මිය ගොස් ඇත්තේ 9 හැවිරිදි පේටින්, 8 හැවිරිදි එව්ලින් සහ 5 හැවිරිදි ඔලීවියා නම් කුඩා සහෝදරියන් තිදෙනායි.

ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී හදිසි කාර්මික දෝෂයකට..

ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී හදිසි කාර්මික දෝෂයකට..

ඔවුන්ගේ පියා වන ට්‍රැවිස් ඩෙකර්ගේ ට්‍රක් රථය සොයා ගැනීමත් සමඟ පොලිසිය ලීවන්වර්ත්වල රොක් අයිලන්ඩ් කඳවුරු භූමිය වටා ඔවුන් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එහිදී පොලිසිය විසින් පියා හුස්ම හිරකර මරා දැමූ බවට සැක පළ කෙරෙන දැරියන්ගේ නිසල සිරුරු සොයා ගෙන ඇති බව සඳහන්.

අඳාළ මළ සිරුරු ට්‍රක් රථයේ සිට යාර 75 ත් 100 ත් අතර දුරින් හමු වී ඇත.

එසේම වාර්තා වන ආකාරයට සෑම ගැහැණු ළමයෙකුගේම හිසෙහි ප්ලාස්ටික් බෑගයක්, මැණික් කටුව වටා සිප් ටයි පටියක් තිබූ බව සඳහන්. එමෙන්ම අඳාළ වාහනයේ ලේවලින් තිබූ අත්සලකුණු දෙකක් බ්ලැන්කට්, ආහාර සහ මුදල් පසුම්බියක් ද සොයා ගෙන ඇත.

එසේ වුවත් දැරියන් තිදෙනා ඝාතනය කළ බවට චෝදනා ලබන ඔවුන්ගේ පියා අතුරුදහන් වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියන් තිදෙනාගේ මව ඩෙකර්ගේ හිටපු බිරිඳ ප්‍රකාශ කරන්නේ ඔහු හමුදාවෙන් ඉවත් වූ දා පටන් ජීවන අරගලයකට මුහුණ දුන් අයෙක් බවයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එසේම ඔහුගේ මානසික සෞඛ්‍යය ද හොඳ නැත. ඔහු යම් පෞරුෂ ආබාධයකින් පෙළෙන බව ඇය සඳහන් කර ඇත.

එහිදී ඔහුට කෝපය කළමනාකරණය කිරීමට උපදෙස් ලැබී තිබුණ ද ඔහු තම දියණියන්ට ආදරය කළ බවත් ඇය පවසයි.

එබැවින් ඔහු එවැනි දෙයක් කරන ආකාරයේ භයානක අයෙක් යැයි විශ්වාස කළ නොහැකි බවද පවසයි.

ඒ අනුව පියා සහ දූවරු අතර යහපත් සම්බන්ධයක් තිබී ඇත. කළින් ඔහු කිසි විටකත් දරුවන් යළි භාර දීමට අසමත් වී නොතිබුණ ද ඉකුත් දා පැය තුනක සංචාරයකට දැරියන් ගෙන යාමට ඔහු පැමිණ ඇත්තේ වෙනදාට වඩා නිහඬවයි.

ඒ අනුව රාත්‍රියේ යළි දැරියන් සමඟ ඔහු නොපැමිණි හේතුවෙන් ඇය මේ පිළිබඳ වාර්තා කර තිබෙනවා.

මිය ගිය දැරියන්ගේ පියා සහ මව දික්කසාද වීමට නඩු ගොනු කර ඇති බව සඳහන්. ඒ පිළිබඳව බිරිඳ පසුගිය සැප්තැම්බර් මාසයේ ලබා දුන් ප්‍රකාශවල දක්වා ඇත්තේ ඔහු විටින් විට දරුවන් රැගෙන ගිය බවයි.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

එසේ ගිය එක් විටක දී බාල දියණිය ඔලිවියා අඬමින් ඇයට කතා කළ බවත් ඇය උසාවියට දන්වා ඇත.

තවද වරක් එව්ලින් ඇගේ කකුල් අතර තුවාල ඇතිව නිවසට පැමිණි බවත් ඇගේ ප්‍රකාශවල සඳහන් වේ.

ඒ අනුව සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇප නොමැතිව ඔහුව රඳවා තබා ගැනීමට අධිකරණය නියෝග කර ඇතත් එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තවමත් ඔහුව සොයමින් සිටී.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

GalleryGallery