ෆෝන් එක චාර්ජ් ගහල නිදාගත්ත තරුණයාට සිදු වූ අවාසනාවන්ත ඉරණම මෙන්න..රටම කම්පා කරයි.

Accident Jaffna Mobile phone Gossips
By Aruna Oct 20, 2021 04:34 AM GMT
Aruna

Aruna

Report

අද අපි කතා කරන්න යන්නෙ ජංගම දුරකථ භාවිතා කරන හැමෝටම අතිශය වැදගත් කාරනයක් සම්බන්ධයෙන්.

මේ කතාවට මූලික වෙන්නෙ දමිල තරුණයෙක්.

ඔහු කොයිම්බතූර් හි පෞද්ගලික විද්‍යාලයක B.Sc. හදාරමින් සිටින අයෙකි.

සිවරාම් නමින් හදුන්වන ඔහු සාමාන්‍යයෙන් නින්දට යාමට පෙර රාත්‍රියේදී ජංගම දුරකථනය තමා නිදාගන්න ඇද මත සිටිමින් චාජ් කිරීම සාමන්‍ය සිරිතක් වී තිබුණා.

සුපුරුදු පරිදි සිවරාම් 10 වෙනිදා රාත්‍රියේ සිය ජංගම දුරකථනය ඇඳේ මෙට්ටය මත තබා ගෙන ආරෝපණය කළේය.

අනපේක්ෂිත ලෙස ජංගම දුරකථන චාජරයේ වයර් වල දෝෂයක් හේතුවෙන් තමා නිදාගත් මෙට්ටයේ ගිණිගැනීමක් හටගත්තේය.

ගින්න වේගයෙන් පැතිර යන බව නොදැක නිදා සිටි සිවරාම් ගින්නට මැදිවිය.

ඔහු වේදනාවෙන් කෑගසන විට අල්ලපු කාමරයේ නිදා සිටි මයිල්සාමි සහ ඔහුගේ පවුලේ අය වහාම ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදි.

අනතුරුව සිවරාමයිව ඉක්මනින්ම ප්‍රතිකාර සඳහා කොයිම්බතූර් රජයේ රෝහල වෙත රැගෙන ගියා.

මෙහි දී, මෙම සිවරාමයි නම් තරුණයා සිදුවූ දරුණු පිලිස්සුම් තුවාල උත්සන්න වීමෙන් පසුගියදා මිය ගිය බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් මඩුක්කාරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

පොලිසිය පවසන්නේ ජංගම දුරකථනයේ චාජර් වයරයට හානි වී ඇති බව නොදැක මෙට්ටය මත දිගු වේලාවක් චාජ් වෙන්නට තැබීමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවටයි.

තමා අතින් සිදුවන පුංචි නොසැලකිල්ලක් හෝ අතපසු වීමක් නිසා තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන බව හැම කෙනෙක්ම මෙවැනි සිදුවීම් තුලින් වටහා ගැනීම ඔබෙත් අන් අයගෙන් ආරක්ෂාවට හේතුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now