දුරකථන ගේම් එකක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ අවාසනාවන්ත සිදුවීම...දරුවන් ගැන අවධානයෙන් සිටින්න...

Police Mathara Mobile game
By Aruna Aug 25, 2021 09:57 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පාසල් දරුවන්ට අද වන විට ජංගම දුරකථනය නැතිවම බැරි මෙවලමක් බවට පත්ව තිබේ.

මන්ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මාර්ග ගත යෙදවුම් හරහා සිය නිවසේ සිට සිදු කරන්නට වීමයි.

මැවැනි තත්ත්වයක් තුළ දරුවන්ට ජංගම දුරකථනය ලබාදීමෙන් පසු දෙමාපියන් විසින් සිදු කල යුතු දේ කුමක්ද?

මේ එවැනි අවාසනාවන්ත සිදු වීමක්.

මාතර රොටුඹ පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් සිය දිවි නසාගෙන ඇති බව පොලිසිය පවසනවා.

අධ්‍යාපන කටයුතු සඳහා ලබා දී තිබූ ජංගම දුරකතනය ඔහු දුරකථන ක්‍රීඩා සඳහා යොදා ගැනීම හේතුවෙන් දෙමව්පියන් විසින් එය යළි ලබා ගෙන ඇති අතර ඉන් ඇතිවූ සිත්තැවුල මත මෙම සිසුවා සිය දිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මෙහිදී සඳහන් කළේ දරුවන්ට ජංගම දුරකථනය ලබාදීමෙන් පසුව වැඩිහිටියන් විමසිල්ලෙන් පසුවිය යුතු බවටයි.

මේ අතර නිවසක ඉදිරිපස ‘වැරැණ්ඩාව’ ඉදිකිරීමට සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක සාරියක් ගැටගසා ඔංචිලි පදිමින් සිටියදී හදිසියේම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී පෙරළී ඊට යටවී දස හැවිරිදි පාසල් සිසුවකු පසුගියදා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කීවේය.

බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හෙට්ටිආරච්චිගේ කවිදු දිල්හාර නමැති දරුවා මෙසේ මරණයට පත්ව ඇත.

ඔහු බුලත්සිංහල, ඈගල්ඔය, රාජාලි මානාන ප්‍රදේශයේ දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක බාල දරුවාය. ඒ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය බුලත්සිංහල හදිසි මරණ පරීක්ෂක චිරාත් භාරත බුලත්සිංහල රෝහලේදී සිදුක‍ළේය.

වැඩිදුර පරීක්ෂණ සඳහා මළසිරුර හොරණ මූලික රෝහල වෙත යවා ඇත

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha