ප්‍රබල මෝචා සුළි කුණාටුවෙන් මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් 145 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව එරට හමුදා පාලකයින් පවසා තිබෙනවා.
සොල්දාදුවන් හතර දෙනෙකු, ප්‍රදේශවාසීන් 24 දෙනෙකු සහ සුළුතර රෝහින්ග්‍යා ජාතිකයින් 117 දෙනෙකු ද මිය ගොස් ඇති බව සඳහන් වන්නේ.
කෙසේ වෙතත් එරට හමුදා පාලකයින් පැවසුවේ පසුගිය ඉරිදා ගොඩබිමට පැමිණි මෝචා සුළි කුණාටුවට ගොදුරු වූවන්ගෙන් වැඩි දෙනෙක් සුළුතර රෝහින්ග්‍යා ජාතිකයින් බවයි.
එමෙන්ම සුළි කුණාටුවෙන් පුද්ගලයින් 800,000ක් පමණ පීඩාවට පත්ව ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවා.