මුලතිව් කලපුවේ අතුරුදන්වූ එක් නාවික හමුදා සාමාජිකයකුගේ සිරුර හමුවෙයි
මුලතිව් වලෙයි කලපුවේ මෝයකටෙහි වැලිපර ඉවත් කර මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී ජල පහරට අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයන් පස් දෙනෙකුගෙන් එක් අයකුගේ සිරුර හමුවී තිබේ යැයි නාවික හමුදාව සඳහන් කරයි.
හමුවී ඇති සිරුර නායක විදුලි කාර්මික ඩී. එම්. කේ. එම්. දිසානායක (එල්ඵල් 100748) මහතාගේ වන අතර සිරුර මුලතිව්, පුදුමාතලන් වෙරළ තීරයේ තිබී හමුව තිබේ.
ඔහුගේ සිරුර ඉකුත් (03)දා මුලතිව් මාංචෝල රෝහලේ මෘත ශරීරාගාරයේදී ඔහුගේ ඥාතින් විසින් හඳුනාගෙන ඇත. ඉකුත් නොවැම්බර් 28 දින මෙම මෙහෙයුමෙන් විට, වලෙයි නාවික අණුඛණ්ඩයේ නාවික හමුදා සාමාජිකයින් පස් දෙනා අතුරුදන් වී තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, අතුරුදන් වූ අනෙකුත් නාවිකයින් සොයා අඛණ්ඩ සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.