අතුරුදන් විදේශීය කතගේ සිරුර හමුවෙයි..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 14, 2023 08:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය 10 වනදා සිට කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් අතුරුදහන්වී ඇති බවට වාර්තා වුණි.

මහනුවර සංචාරක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය.අද (14) දිනයේ අදාළ විදෙස් ජාතික කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.

 මරණයට හේතුව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කරන්නේ. ඇය පිටත්ව යන බව කියූ ප්‍රදේශයක තිබී මෙම සිරුර හමුවී ඇති බවද වාර්තා වෙයි.

මෙසේ කන්දක් නැගීමට යන බව කියා හෝටලයෙන් පිටව ගිය විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

ReeCha