ලැබෙන වර්ෂාපතනය අධික වීමෙන් මේ ප්‍රදේශීය කොට්ඨාසවලට ගං වතුර තත්ත්වයක්

Report

කළු ගඟ ද්‍රෝණියට මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශ මෙලෙස අවදානමට ලක්වීමේ හැකියාවක් පවතී.

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගක දරුණු නායයෑමක්

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගක දරුණු නායයෑමක්

ඒ අනුව පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙලෙස සුළු ගංවතුර අවදානමට ලක්විය හැකි බව හඳුනාගෙන ඇත.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්, මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ගෙන් සහ මගීන්ගෙන් ඉල්ලා සිටින අතර, මේ පිළිබඳව අවශ්‍ය පූර්ව පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී තිබේ.

ඉදිරි පැය 24 ඇතුළත ගං වතුර අවදානම් සහිත කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ මෙන්න

ඉදිරි පැය 24 ඇතුළත ගං වතුර අවදානම් සහිත කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ මෙන්න