අධික වර්ෂාවත් සමඟ ප්රධාන මාර්ගක දරුණු නායයෑමක්
ගිනිගත්හේන සහ නාවලපිටිය ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන - නාවලපිටිය ප්රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්රදේශයෙන් මාර්ගයේ කොටසක් අද (03) දින නායයාමට ලක්ව තිබේ.
පවතින මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ ස්ථානයේ රථවාහන ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර, පවතින තද වැසිත් සමඟ එම මාර්ගයේ අඹගමුව ප්රදේශයෙන් ජල පහර පිටාර ගැලීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් ගිනිගත්හේන - නාවලපිටිය ප්රධාන මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වේ.