හල්දුම්මුල්ලට භූ කම්පනයක්

Report

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර සීය, වෙලංවිට සහ ලේමස්තොට යන ප්‍රදේශවල ඊයේ (23) රාත්‍රී 6:46ට පමණ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

මෙම භූ කම්පනය විනාඩියක පමණ කාලයක් පැවති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ආපදා තත්ත්වයක් ඇතිවූ බවට මේ වන තෙක් වාර්තා වී නොමැති අතර, ප්‍රදේශවාසී ජනතාවට අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

පල්ලේකැලේ, හක්මණ, මහා කනදරාව සහ අම්පාරේ පිහිටි භූ කම්පන මාන මධ්‍යස්ථානවලට මෙම සිදුවීම සංවේදී වී නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීමේ කාර්යංශය (GSMB) පවසයි.

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

නාමල් ජනාධිපති වුණ දවසක නිල නොලත් ජනාධිපති වෙන්නේ මමයි, කුට්ටි පිටින් බටර් ගාන තිස්ස කුට්ටි

නාමල් ජනාධිපති වුණ දවසක නිල නොලත් ජනාධිපති වෙන්නේ මමයි, කුට්ටි පිටින් බටර් ගාන තිස්ස කුට්ටි