සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත වෙනස් වෙයි.

Ranil Wickremesinghe Ministry of Health Sri Lanka
By Wayomi Sep 16, 2024 04:07 PM GMT
Wayomi

Wayomi

Report

රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම බරපතළ ඛේදවාචකයකට මග පාදන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

එබැවින් රාජ්‍ය බලය සෑම අවස්ථාවකදීම එක් පාර්ශ්වයකින් අනෙක් පාර්ශ්වයට සුමටව හුවමාරු විය යුතු බවද ජනාධිපතිවරයා පවසනවා.

 

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)


රාජ්‍ය බලයේ ඇතිවූ රික්තය පිරවීමට බංග්ලාදේශය අසමත් වීම නිසා මේ වන විට එරට ඛේදවාචකවකට මුහුණ දී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 2022 වසරේ දී මෙරට තුළ ද එවැනිම තත්ත්වයක් ඇතිවීමට ගිය බවත්, එම අවස්ථාවේ තමා මැදිහත් ව එය වැලැක්වූ බවත් සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 'නිරෝගීමත් අනාගතයක් සඳහා වෛද්‍යවරු' යන තේමාව යටතේ පසුගියදා බත්තරමුල්ල වෝර්ටස් එජ් හෝටලයේ පැවති වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින්.

මෙම හමුවේදී ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග විසින් පසුගිය දෙවසරක කාලය තුළ ලබාගත් ආර්ථික ප්‍රගතිය සහ ඉදිරි තත්ත්වය පිළිබඳ විශේෂ දේශනයක් සිදු කළේය. මෙහිදී වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිය ගැටළු ඍජුවම යොමු කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට සාධනීය පිළිතුරු ලබා දුන්නා..

රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)

රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)

මොකක්! - අමාරුම කෙනාට රුපියල් 17,500ක්.? - සම්පූර්ණ VAT කැපෙන විදිහ මෙන්න.

මොකක්! - අමාරුම කෙනාට රුපියල් 17,500ක්.? - සම්පූර්ණ VAT කැපෙන විදිහ මෙන්න.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ පසුගිය වසර දෙකක කාලය තුළ රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වූවද මෙරට වෛද්‍යවරුන් සිදු කළ සේවය වෙනුවෙන් ස්තුතිවන්ත වන බවත්, ආර්ථිකය නැවත ගොඩනඟන විට සෑම පුද්ගලයෙකුටම නියමිත කොටස ලබාදෙමින් මෙරට වෛද්‍යවරුන්ට ද වඩා හොඳ අපේක්ෂාවන් සහ වැටුප් ලබාදීම තම ඉලක්කය බවත්ය.

මෙරට ආර්ථික පද්ධතිය මෙන්ම දේශපාලන පද්ධතිය ද කඩා වැටී තිබෙන බැවින් සියල්ල නැවත ගොඩනැගිය යුතු බවත්, තමන් විසින් ඉදිරිපත් කර ඇති “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන තුළින් නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වන වැඩපිළිවෙළ ඇතුළත් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

වෛද්‍යවරයෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ උපදේශන ක්‍රියාවලිය යළි ස්ථාපිත කරන බවයි.

එමෙන්ම නවීන සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් ඇති කරමින් රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා යන දෙඅංශ ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළා.

නෑ කිවුවට ශේප් එකේ වැඩේ දෙන්නයි යන්නේ.? - අනුර "ඔරුමිත්තනාඩුවට" පණ දෙයි. - සාක්ෂිත් එක්කම 230 පිටුවෙන් එළියට ආ හැටි මෙන්න. - (VIDEO)

නෑ කිවුවට ශේප් එකේ වැඩේ දෙන්නයි යන්නේ.? - අනුර "ඔරුමිත්තනාඩුවට" පණ දෙයි. - සාක්ෂිත් එක්කම 230 පිටුවෙන් එළියට ආ හැටි මෙන්න. - (VIDEO)


ආර්ථිකය ප්‍රකෘතිමත් වීමෙන් පසුව ලබාදුන් වැටුප් වැඩිවීම හේතුවෙන් අධිකරණ සේවාව සමඟ සිය වෘත්තීය තත්ත්වය සමවීම පිළිබඳව වෛද්‍යවරුන්ගේ සංසදයේදී එහි සාමාජිකයන්ගේ පෙන්වාදුන් අතර, ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවාද, නැතිනම් ව්‍යුහමය ප්‍රතිසංස්කරණය වහා සිදුකරනවාද යන්න තීරණය කළ යුතු බවත්, එම කරුණු කෙරෙහි සිය අවධානය යොමු කර තිබෙන බවත් සඳහන් කර සිටියා.

රැකියා අවස්ථා රැසක්. - රනිල්ගේ ආසියාවේ විශාලතම වොක්ස්වැගන් ෆ්‍රැක්ට්‍රිය විවෘත වෙන්නේ මෙහෙමයි.

රැකියා අවස්ථා රැසක්. - රනිල්ගේ ආසියාවේ විශාලතම වොක්ස්වැගන් ෆ්‍රැක්ට්‍රිය විවෘත වෙන්නේ මෙහෙමයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


ReeCha