ජීවිත ආරක්ෂාවට ගිනි අවි ලබාදීම ගැන ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක්.
Ministry of Defense Sri Lanka
By Wayomi
ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කිරීමේදී එක් අයෙකුට එක් අවියක් බැගින් ලබා දීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම මෙතෙක් නිකුත්කර ඇති ගිනි අවි සහ පතොරම් 2024 දෙසැම්බර් 30 වැනිදාට පෙර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි පසුගිය දිනෙක ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් මගින් දැනුම් දී තිබුනේ.
ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව විසින් මෙම ගිනි අවි සහ පතොරම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, දේශපාලන පක්ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට සහ විධායක ශ්‍රේණියේ සිවිල් සේවකයන්ට මෙම ගිනි අවි සහ පතොරම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
You may like this video